විශේෂ පැමිණිලි ඒකකය

2013 අංක 33 දරණ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ බලතල ප්‍රකාරව, ශ්‍රී ලංකාව තූළ උත්තේජක මර්දන ක්‍රියා සැලසුම් කිරීම, සම්බන්ධිකරණ කිරීම, ක්‍රියාත්මක කිරීමට අපි ක්‍රියා කරන්නෙමු. ඒ සඳහා ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍යායතනයේ විශේෂ පැමිණිලි ඒකකයක් ස්ථාපිත කොට ඇත.


පිරිසිදු ක්‍රීඩා පරිසරයක් ගොඩනැංවීම සදහා පවතින තර්ජන, බාධා හදුනා ගනිමින් ඒවා වැළැක්වීම සදහා අවශ්‍ය නිවැරැදි තොරතුරු එක්රැස් කිරීම, විශ්ලේශනය කිරීම හා තක්සේරු කිරීම නියෝජ්‍යායතනය විසින් කරනු ලබයි. ඒ තුළින් අවිනිශ්චිතභාවය අවම කරමින් විධායක මෙහෙයුම්කරණ ක්‍රියාවලියට අවශ්‍ය තොරතුරු යාවත්කාලීන කිරීම, ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍යායතනයේ බලාත්මක කිරීම හා ක්‍රියාත්මක කිරීම් අංශයේ විශේෂ පැමිණිලි ඒකකයේ ප්‍රමුඛතම කාර්යය වේ.



අනාගත ප්‍රයෝජන
  • විමර්ශන ක්‍රියාවලිය
  • අනාගත තහනම් උත්තේජක පරීක්ෂණ කටයුතු පුළුල් කිරීම
  • අවශ්‍යතාවය පරිදි අධ්‍යාපනික දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම
  • නව පර්යේෂණ
    තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රමවේද
  • ක්‍රීඩක ක්‍රීඩිකාවන්
  • ජාතික ක්‍රීඩා සංවිධාන
  • නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන
  • රාජ්‍ය ආයතන
  • සාමාන්‍ය ජනතාව

    ඔබත් ශ්‍රී ලංකාවේ පිරිසිදු ක්‍රීඩා අනාගතයට ඇලූම් කරන්නෙක් ද, එසේ නම් පහත සඳහන් ගැටළු පිළිබඳ තොරතුරු අපට දන්වන්න.
  • තහනම් උත්තේජක
  • තහනම් ක්‍රම
    පහත සඳහන් ක්‍රම ඔස්සේ අප සම්බන්ධ හා විය හැක.
  1. මාර්ගගත පෝරමය
  2. විද්‍යුත් තැපෑල sladainquiry@gmail.com
  3. දූරකථනය (070)422 0 422
*සෑම අවස්ථාවක දී ම තොරතුරුවල රහස්‍යභාවය සුරකිනු ලැබේ. .

Copyright © 2021 SLADA-CMS